මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් සියවන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 09, 2015

    ස්වකීය වීරත්වයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සසල කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මග හෙළි කළ කපිතාන් එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් මහතාගේ සිය වන ගුණ සමරු උත්සවය ඊයේ (08) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    කපිතාන් එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසු ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු ද විය.

    බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් ඔහුව 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම යටතේ චෝදනා එල්ල කර ඝාතනය කරන ලදී. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය. හෙන්රි පේද්‍රිස් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඝාතනය කිරීම අපරාධයක් ලෙස ශ්‍රි ලාංකිකයන් දුටු අතර දේශය වෙනුවෙන් දිවි පිදුවෙකු ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

    ජනාධිපතිතුමා විසින් එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් වීරයාගේ සේයාරුවට මල්දමක් පළදවමින් තම උපහාරය පුද කරන ලදී.

    එඩ්වරඩ් හෙන්රි පේද්‍රිස් ජාතික වීරත්වය ග්‍රන්ථය හෙන්රි පේද්‍රිස් අනුස්මරණ කමිටුවේ සභාපති අනුර බැස්ටියන් මහතා සහ ග්‍රන්ථයේ කර්තෘ උපුල් ගලප්පත්ති මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    අමාත්‍යවරුන් වන කරු ජයසූරිය. විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya