මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක, ජාතියක ඉතිහාසයේ සාක්ෂිකරුවන් වන්නේ කෞතුක වස්තූන් - ජනපති

    ජූලි 09, 2015
    රාජ්‍ය දේපළ සොරකම් කරන්නන් මතු ආත්මයේ බල්ලන් සහ කපුටන් වී උපදින බවට, සිරිපා අඩවියෙන් හමු වූ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ සඳහන් වැකිය ජනාධිපති කාර්යාලයේ සිට මැති ඇමතිවරුන්ගේ කාර්යාලවල මෙන්ම රජයේ කාර්යාලවල ප‍්‍රදර්ශනය කිරීම ඉතා යෝග්‍යයැයි තමා යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි. උත්සවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටක, ජාතියක ඉතිහාසයේ සාක්ෂිකරුවන් වන්නේ කෞතුක වස්තූන් බවයි.
     
    එමෙන්ම රටක් ජාතියක් ගොඩනැගීමට අතීතය පිළිබඳ සාඩම්බරයෙන් කතා කිරීම පමණක් සීමා නොවන බවද පැවසූ ජනාධිපතිතුමා එම අතීත ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය අනාගත දරුවන්ට උදාකිරීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බවද  ප‍්‍රකාශ කළේය.
     
    පසුගිය වසර ගණනාවක් පුරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන තනතුරු 42ක් පුරප්පාඩු වී පවතින බවට තමාට තොරතුරු ලැබී ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු පසුගිය කාලය තුළ දැඩි දෝෂදර්ශනයට ලක්වීම පිළිබඳ පසුගිය රජය වගකිව යුතු බවද කියා වැඩිදුරටත් කියා සිටියේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya