මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් සහ සාමුහිකත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යමු

    ජූලි 09, 2015

    ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් සහ සාමුහිකත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යාමට සියලූදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

     

    සියලූ ආගමික දර්ශනයන්ගේ ඉගැන්වීම එය බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සඳුදා (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.

     

    රටේ සියලූ ජාතින් අතර සාමය සහ සංහිදියාව ගොඩනංවමින් සාමහිකත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීමේ වැඩපිළිවෙලේදී මෙවැනි ආගමික උත්සව සියලූ දෙනා එක්ව සැමරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    ඉස්ලාමිය ආගමික නායකයින් මෙන්ම දිවයිනම නියෝජනය කරමින් ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජාතික සංහිදියාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල ඔවුන්ගේ ඇගයීමට ලක් විය.

     

    රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිඳීයාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීමද සිදු කළහ.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද, අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya