මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 09, 2015

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

     

    ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව එම පරිශ්‍රයේ පිහිටි හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

     

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කෙරුණු අභිනව ධාතු මන්දිරය ද විවෘත කළ ජනාධිපතිතුමා ඒ සඳහා ප්‍රථම මල් පූජාව සිදු කළේය.

     

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද දුටුගැමුණු ධාතු ප්‍රදර්ශනය සහ පුරාවස්තු ප්‍රදර්ශනය ද විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට එක් විය.

     

    අනතුරුව පැවති උත්සවයේදී ‘එදා සහ අද‘ පුරාවිද්‍යා සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සරය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල්දින කවරයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය.

     

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර, පූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන, සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන, කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත යන ස්වාමින් වහන්සේලාද, අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, ඒ.එච්.එම්. ෆවුසි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya