මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක්

    ජූලි 08, 2015
    මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය හෙට (09) සිට අගෝස්තු 08දා දක්වා ක්‍රියාත්මක වේ.
     
    මෙහි ආරම්භක වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට  පෙරවරු 10.00ට ජා - ඇල නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. අමාත්‍යංශය කිහිපයක සහයෝගිතාවයෙන් යුතු ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙහි සමාරම්භක උත්සවයට 5000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    මෙදින ජනාධිපතිතුමා විසින් නිකුත් කිරීමට නියමිත මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ පණිවිඩය දිවයින පුරා පිහිටි පාසල් 10,300ක විදුහල්පතිවරුන් මාර්ගයෙන් කියවීමට ද නියමිතය. මෙම මාසයක කාලය තුළ පාසල් තුළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් සිදුකිරීමට ද නියමිතය.
     
    මීට අමතර ව මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ රජයේ රෝහල්වල වෛද්‍ය සායනවලට සහභාගිවන මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන අතර ශාසනාරක්ෂක මණ්ඩල, විහාරස්ථාන හා දහම් පාසල් සම්බන්ධීකරණ කරගනිමින් ද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya