මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව අස්ගිරි මහ නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති අතින්

    ජූලි 07, 2015

    සියම් මහා නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී ධම්මනන්ද අත්ථදස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි.

    පෙර රජ සමයේ සිට පැවති චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීය.

    එමෙන්ම අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙක සඳහා අභිනවයෙන් පත් වූ ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාල්‍යාභිධාන යන අනුනායක හිමිවරුන් දෙනමට අක්ත පත්‍ර පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    රන් පැහැති චෛත්‍ය අනුරුවක් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සහ එහි රිදී අනුරුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කළහ.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද, ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, බස්නායක නිළමේවරුන්, තානාපතිවරුන් දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක්ද මෙම මහෝත්සවයට එක්ව සිටියහ.

    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya