මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාකුඹුර විහාරස්ථානයේ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කෙරේ

    ජූලි 06, 2015
    චන්ද්‍රසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය මියගිය සිය දියණියගේ එකොළොස්වන ගුණානුස්මරණය වෙනුවෙන් පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරස්ථානයේ ඉඳිකළ ධර්ම මන්දිරය සග සතු කොට පූජා කිරීමේ පුණයෝත්සවයට ඊයේ (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.
     
    මෙම ධර්ම මන්දිරය සග සතු කිරීම වෙනුවෙන් ඉඳිකළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවූ අතර විශේෂ අනුශාසනාව කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් පැවැත්විණි. 
     
    ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි, ඇතුළු මහා සංඝරත්නය ද, මැති ඇමතිවරුන් ද පවුලේ ඥාතීන් ඇතුළු දායක සභාවේ විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya