මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම ලබන හොංකොං හි ශ්‍රී ලංකා කොන්සල් ජනපති හමුවේ

    ජූනි 30, 2015

    හොංකොං හි ශ්‍රී ලංකා කොන්සල් ආචාර්ය තෝමස් චෙයුන්ග් මහතා සිය සේවා කාලයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් ඊයේ (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

     

    ආචාර්ය තෝමස් චෙයුන්ග් මහතාගේ 29වසරක ධුර කාලය පිළිබඳව ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඔහුගේ සේවය සඳහා ස්තුතිය පළ කළේය.

     

    කොළොන්නාව ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මෙන්ම  නිකවැරටිය රෝහල සංවර්ධනය හා නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා ආචාර්ය තෝමස් චෙයුන්ග් මහතා ලබා දුන් නොමසුරු දායකත්වය මෙහිදී විශේෂයෙන් ජනාධිපතිතුමා සිහිපත් කර ඇත. 

     

    සිය සේවා කාලය නිමවා විශ්‍රාම යන නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන රෝහල් සංවර්ධන සහ අධ්‍යාපන ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා දෙමින් තවදුරටත් ලංකාවට උදව් කිරීමට සූදානමින් සිටින බව ආචාර්ය තෝමස් චෙයුන්ග් මහතා මෙම අවස්ථාවේ දී පැවසීය.

     

    ශ්‍රී ලංකාව සහ හොංකොං අතර ඇති ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව පැවසූ ජනාධිපතිතුමා දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බව ද එහිදී සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya