මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි වසර 05 තුළ මෙරට ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 6000 දක්වා ඉහළ නංවනවා

    ජූනි 30, 2015

    ඒ සදහා අවශ්‍ය ආයෝජන, කර්මාන්ත ඇතුළු සියලූ ක්ෂේත්‍රයන්හි පුළුල් සංවර්ධනයක් සිදු කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සීතාවක ගඟේ මැණික් ගැරීමේ ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ එම ප්‍රදේශයේ ජනතාව අතර ඛෙදාදීමේ උත්සවයට ඊයේ (29) පෙරවරුවේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

     

    පූජනීය ස්ථාන 165, සමෘද්ධි ලාභින්, ආබාධිත පුද්ගලයින් සහ දෙමාපියන් අහිමි දරුවන් 900 දෙනෙකු අතර ලක්ෂ 342 ක මුදලක් මෙලෙස ඛෙදාදීම සිදු විය.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැණික් කර්මාන්තයෙන් ව්‍යාපාරිකයින් සහ රජය ලබන ලාභයෙන් කොටසක් එම සම්පත නෙළා ගන්නා ප්‍රදේශවල අඩු අදායාම්ලාභී පවුල් අතර ඛෙදාදීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියේදී ක්‍රියාවට නැංවිය යුතු බවයි.

     

    මේ සදහා වඩා සුදුස්සන් තෝරා ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිළධාරි, සමෘද්ධි නිළධාරි ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර නිළධාරින්ට පැවරේ. එහිදී යම් අක්‍රමිකතාවයක් සිදුවේනම් ඒ පිළිබඳ අදාළ නිළධාරින් වගකිව යුතුය. ඒ පිළිබඳ පරිසර අමාත්‍යාංශයට ලැඛෙන සියලූ පැමිණිලි පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා ලෙස සොයා බැලීමට තමා කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    මැණික් කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයින්ට නීත්‍යානුකූලව නිදහසේ තම කටයුතු කර ගෙන යාමේ අවස්ථාව උපරිමයෙන් තහවුරු කරන බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඔවුන්ට රජයෙන් ලබාදිය යුතු සෑම පහසුකමක්ම  ලබාදීමට කටයුතු කරන බව කියා සිටියේ ය.පසුගිය වසර කිහිපය තුළ මැණික් සංස්ථාවේ කටයුතු පිළිබද කිසිසේත් සතුටු විය නොහැකී බවත් මැණික් කර්මාන්තය සිදු කළ යුත්තේ එම කර්මාන්තයේ යෙදී සිටින අය මිස දේශපාලඥයින් නොවන බවද පැවසූ ජනාධිපතිතුමා දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොර පිරිසිදු ආයතනයක් ලෙස මැණික් සංස්ථාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

     

    සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනෙවිරත්න, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සභාපති අනුර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya