නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීතාවක ගගේ මැණික් ගැරීමේ ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාවට

    ජූනි 30, 2015

    සීතාවක  ගගේ මැණික් ගැරීමේ ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ එම ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    පූජනීය ස්ථාන 165, සමෘද්ධි ලාභින්, ආබාධිත පුද්ගලයින් සහ දෙමාපියන් අහිමි දරුවන් 900 දෙනෙකු අතර ලක්ෂ 342 ක මුදලක් මෙලෙස බෙදාදීම සිදු කෙරිණි.

     

    සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනෙවිරත්න, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනුර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya