ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජාතික සංහිදියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහි දී ඇගයීමට ලක් විය.
එමෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීමද සිදු කළහ.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ සියලු ජාතින් සහ ආගමිකයින් අතර ජාතික සංහිදියාව ගොඩනැගීමේදී සියලුදෙනා එක්ව මෙවැනි ආගමික උත්සව පැවැත්වීම ඉතා වැදගත් බවයි.
සියලු භාෂාවන් කථා කරන, සියලු ආගම් අදහන ජනතාව අතර බිය සැක දුරු කර සාමය සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැංවීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ.එච්.එම්. ෆවුසි, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF