මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 30, 2015

    ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (30) පෙරවරුවේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

     

    විවිධ දක්ෂතා දැක් වූ සිසුන්ට ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර කැපවීමෙන් සේවය කළ ගුරුවරු 15 දෙනෙකු ද ඇගයීමට ලක් විය.

     

    මිලියන 15 ක වියදමින් විද්‍යාලයේ ඉදිකෙරෙන දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක්ද විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya