නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ නිදහස උදාකර දුන් වීරෝධාර රණ විරුවන්ට එදා මෙන් ම අදත් හෙටත් ජාතියේ උත්තමාචාරය හිමිවෙනවා

    ජූනි 29, 2015
    ජාතියේ නිදහස උදාකර දුන් වීරෝධාර රණ විරුවන්ට එදා මෙන් ම අදත් හෙටත් ජාතියේ උත්තමාචාරය හිමි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    සටන් බිමේදී ඔවුන් සිදු කළ කැපවීම කිසිදා අවතක්සේරු කළ නොහැකි බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු ගෞරවය සහ සියලු වරප‍්‍රසාද නොඅඩුව ලබාදීමට සේනාධිනායකයා ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස තමා කටයුතු කරන බව අවධාරණය කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කළ කැඩෙට් නිලධාරීන් 63 දෙනෙකු විසිරයාමේ උළෙලට පසුගියදා දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේදී එක්වෙමිනි.
     
    ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී විවිධ රජයන් යටතේ නොයෙකුත් පසුබෑම් සහ රටේ නිදහස සහ භෞමික අඛණ්ඩතාවය පිළිබ`ද තැබූ අපේක්ෂා බි`ද වැටීම් සිදු වුවද ඒ සෑම අවස්ථාවකම වීරෝධාර රණවිරුන්ගේ කැපවීම සහ දැඩි අධිෂ්ඨානය නිසා රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.
     
    අද අපගේ රණ විරුවන් ලෝක සාමසාධක හමුදාවන් සඳහා වැඩි වශයෙන් යොමු කර ඇත. සාමසාධක හමුදාවන් සඳහා යම් රටක හමුදා සාමාජිකයන් බඳවා ගන්නේ එම රට සහ හමුදාව පිළිබඳ යහපත් පිළිගැනීමක් තිබේ නම් පමණි. අද එම ගෞරවය අපේ රටත්, හමුදාවත් දිනාගෙන තිබෙන බවද පැවසූ ජනාධිපතිතුමා ඉදිරියේදී ඔවුන් ඒ සඳහා වැඩි වශයෙන් යොමු කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය.
     
    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් කඳවුර පරිශ‍්‍රයේ නා පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා සේනාවිධායක බ්‍රිගේඩියර් රාජගුරු මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.
     
    NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya