නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලික නතර කිරීමක් පමණයි

    ජූනි 26, 2015

    පෝර්ට් සිටි ව්‍යාපෘතිය නවත්වා නැති බවත් ඉදිරියේදී එය ආරම්භ කරන අතර එහි යම් යම් වෙනස්කම් කරන්න සිදු විය හැකි බවත් මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    පෝර්ට් සිටියේ ඉඩම චීන සමාගමකට ලබා දී තියෙනවා. එහි යම් යම් වෙනස්කම් සිදු කළ යුතු අතර එය දැන් තාවකාලිකව නවතා තියෙනවා. වරාය ඇතුළේ කිසිදු දේශපාලන පක්ෂයකට දේශපාලනය කළ නොහැකියි. නමුත් පසුගිය කාලේ එහි දේශපාලන කටයුතු සිදු කළා. පසුගිය කාලයේ ඇවිත් ආපසු ගිය ආයෝජකයෝ 50ක් පමණ නැවත අප සමඟ වැඩ කරන්න ඇවිත් සිටිනවා.

    නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත යටතේ නියෝග පිළිබඳ යෝජනාව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විවාදයේ අදහස් දක්වන අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya