සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය නිල නිවස හැකි ඉක්මනින් ලබා දෙනවා

    ජූනි 25, 2015
    හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය නිල නිවස වත්මන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට හැකි ඉක්මනින් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය නිල නිවස හා  ආරක්ෂාව ඇතුළු  අනෙකුත් පහසුකම් සම්න්ධයෙන් 23(2) යටතේ නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
     
    වත්මන් ජනාධිපතිතුමා කොටුවේ ජනාධිපති මන්දිරය පාවිච්චියට ගන්නට නියමිත නැහැ. ජනාධිපතිතුමා ජාවත්තේ නිල නිවසින් පිට වූ පසු එය දෙන්න කටයුතු කරනවා. පරක්කු නම් නව නිවසක් දෙන්නම්.
     
    මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිමන්ලගේ ආරක්ෂාව ඊට වඩා සලසා තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පොලිසියෙන්, සන්නද්ධ හමුදා සහ ආරක්ෂාව වෙනුවෙන් වාහන සියල්ල දී තියෙනවා. වත්මන් ජනාධිපතිතුමාට ඇත්තේ ඊට අඩු ඒවා, මට ඇත්තේ ඊටත් අඩු ආරක්ෂිත වාහන, මගේ වාහනෙත් නැගල යනවා. එක්ස් රේ යන්ත්‍ර, මේ රටේ ලංකාවේ ඇති එකම අධිආරක්ෂිත ආරක්ෂක අධිතාක්ෂණ උපකරණ එතුමා යන විට අරන් ගියා . දැන් ජනාධිපතිට ඒවා නැහැ. ඒවා ඉවත් කළොත් මෙතුමාට තර්ජනයක් වෙයි නිසා ඉවත් කර නැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya