නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව ඉල්ලන්නේ තම මැතිවරණ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක්

    ජූනි 24, 2015
    ජනතාව ඉල්ලන්නේ අපේ මැතිවරණ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් දෙන්න කියලයි. දැන් එහි වගකීම ඇත්තේ මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට වන අතර නව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා නායකත්වය දෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින බවත් කිසිවෙකුටත් ඉන් පැන යා නොහැකි බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
     
    මැතිවරණ ක්‍රමය පිළිබඳ ඊයේ (23) ආරම්භ කරන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද (24) දින පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
     
    මේ රටේ හිටපු ජනාධිපතිතුමා මෙන් ම දැන් සිටින ජනාධිපතිතුමාත් ජනාධිපතිවරණයේදී නව මැතිවරණ ක්‍රමයකට අප යා යුතු බව ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළා. ජනාධිපතිතුමාගේ ජනාධිපති භූමිකාව මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය දෙක පටලවා ගෙන කතා කරන්න එපා. මැතිවරණ ක්‍රමයේ සංශෝධන අවශ්‍ය නිසයි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ. ඒ ගැන තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියා ඉල්ලනවා. 
     
    දින ගණනාවක් වුණත් අරගෙන මේ 20 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කරමු. සුළු දේශපාලන පක්ෂ ඉවත් කරන්න ජනාධිපතිතුමාට අවශ්‍ය නැහැ. සියලු දේශපාලන පක්ෂවල නායකත්වය මේ සඳහා දිය යුතුයි. සුළු පක්ෂ ඝාතනය කරන්නේ නැහැ. මේ අනුව මැතිවරණ කොට්ඨාසවල නියෝජනය ඇති වෙනවා. මේ 20 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිහා දේශපාලන පක්ෂයක් ලෙස තම මතය ප්‍රකාශ කර හොඳින් බලන්න. ජනාධිපතිතුමාට මේ පාර්ලිමේන්තුව ඇදගෙන යන්න ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව තව තවත් ඇදගෙන යන එක අසාධාරණයි. අලුත් ආණ්ඩුවක් ඇති කරන බව එදත් ජනාධිපතිතුමා කිව්වා. පාර්ලිමේන්තුවේ නව පරිවර්තනයක් ඇති කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya