නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ දරුවන්ගේ මව්වරුන්ගේ සුබසාධනයට උපරීමයෙන් කටයුතු කරනවා- ජනපති

    ජූනි 22, 2015

    ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් සේවය කරන ජාතික ආයතනවල සේවාවන් වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට අවස්ථාව සලසා දෙමින් එම ආයතනවලට හිමිවිය යුතු නිසි ගෞරවය සහ රාජ්‍ය පිළිගැනීම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය වනිතා පදනම විසින් සංවිධාන කළ මහ සමුළුවට අද (22) පෙරවරුවේ කොළොන්නාව ජාතික ළමා අධ්‍යාපන පදනමේ දී එක් වෙමිනි.

    දරුවන් පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සේම ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමට සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගත දරු පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීමේදී සුවිශේෂිම කාර්ය භාර්ය පැවරී ඇත්තේ මව්වරුන්ට බව ද කියා සිටියේය.

    රටේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ඉටු විය යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට රජය බැඳී සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය බදගිරියේ සෝමවංශ ස්වාමින් වහන්සේද, දිරිය වනිතා කමිටුවේ සභාපතිනි දිස්නා ප්‍රියාන්ති මහත්මිය ඇතුළු සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya