අද පෙරවරුවේ ශ්‍රී ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අභිනව ධර්ම ශාලා මන්දිරය ද විවෘත කළේය.
අනතුරුව උපහාර උත්සවයට එක් වූ ජනාධිපතිතුමා අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම සිදු කෙරිණි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමිපාණන් වහන්සේ, මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ගයන්ත කරුණාතිලක සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )