නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය රෝහලේ නවීකරණ කටයුතු ජනපතිගේ නිරික්ෂණයට

    ජූනි 22, 2015

    නුවරඑළිය දිස්ත්‍රික් රෝහල මහල් 06 කින් සමන්විත අති නවීන වෛද්‍ය පහසුකම්වලින් යුතු රෝගී සත්කාරක සේවා සපයන රෝහලක් බවට නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර එම කටයුතු පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණය නිරික්ෂණය කළ ජනාධිපතිතුමා අදාළ ඉංජිනේරුවන් සමග කතා බහක නිරත වෙමින් ඉදිකිරීම් කටයුතු පිළිබඳ විමසීය.

    දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමා කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. ‍

    පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya