අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කොළඹ පාසල් කිහිපයක සිල් සමාදන් වූ දරුදැරියන් හමුවෙයි

    මැයි 13, 2014

    දිවයින පුරා ලක්ෂ 20කට ආසන්න පාසල් දරුවෝ සිල් සමාදන් වෙති


    වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා පාසල්වල සීල භාවනා වැඩසටහන් අද (13) දවස පුරා සිදුකෙරුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සිල් සමාදන් ව සිටින දරුදැරියන් හමුවීමට ගියේය.


    ජනාධිපතිතුමා, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය යන පාසල්වල පැවති සිල් සමාදන් වීමේ වැඩසටහන්වලට සම්බන්ධ වූහ.


    පළමුව කොළඹ නාලන්ද විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි ක්‍රීඩාංගණයෙහි සක්මන් භාවනාවෙහි යෙදී සිටි දරුවන් දැක ඔවුන් අතරට ගොස් ටික වේලාවක් රැඳී සිටියේය.


    මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ගිය ජනාධිපතිතුමා එහි සිල් සමාදන් වී සිටි දැරියන් ද හමුවිය. එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් සමඟ ද සුහද කතාබහක නිරත විය.


    අනතුරුව ජනාධිපතිතුමා ගියේ කොළඹ ආනන්ද විද්‍යාලය වෙතය. ඒ වනවිට එහි දරුවන් පාසල් බුදු මැඳුරේ ධර්ම දේශනාවකට සවන්දෙමින් සිටි අතර එයට එක් වූ ජනාධිපතිතුමා එහි දරුවන් සමඟ රැඳී සිටියේය.


    මේ ආකාරයෙන් දිවයින පුරා ලක්ෂ 20කට ආසන්න පාසල් දරුවෝ තම පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පැවති සිල් සමාදන් වීමේ වැඩසටහනට අද (13) එක්ව සිටියහ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද තවත් පාසල් කිහිපයක පැවති සිල් සමාදන්වීමේ වැඩසටහන් නිරීක්ෂණය කළ අතර නුගේගොඩ අනුලා විද්‍යාලය, නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යන පාසල් ඒ අතර වේ.


    උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ජාතික හා පළාත් පාසල් සියල්ලේම පාහේ අද පෙරවරු 7.30 සිට 1.30 දක්වා වෙසක් සතිය ආරම්භ කරමින් සිල් සමාදන්වීමේ වැඩසටහනට එක්ව සිටි අතර ඇතැම් පාසල්වල අද පස්වරු 1.30න් පසුව ද විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණි.


    පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් ද පාසල් සිල් සමාදන්වීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසල්වල රැඳී සිටියහ.


    ශ්‍රී බුද්ධ වර්ෂ 2558 වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල්වල වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර පාසල් වෙසක් සතිය මැයි 12 සිට 18 දක්වා ක්‍රියාත්මක කෙරේ.


    ‘තෙමඟුල සමරමු- පිළිවෙත් සපුරමු‘ යන්න මෙවර වෙසක් උත්සවයේ ප්‍රධාන තේමාව වන අතර පාසල් වෙසක් සතිය පැවැත්වෙන එක් එක් දින සඳහා වෙන් වූ තේමා යටතේ වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    HC/NDH/KPM_pmu_Pix By : Chandana Perera

     

    school vesak sil progarmme 1

    school vesak sil progarmme 2

    school vesak sil progarmme 3

    school vesak sil progarmme 4

    school vesak sil progarmme 5

    school vesak sil progarmme 6

    school vesak sil progarmme 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya