නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මනාප ක්‍රමය අහෝසි කරමු - විස්ස දිනවමු" ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 09, 2015
    යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට  "මනාප ක්‍රමය අහෝසි කරමු - විස්ස දිනවමු" මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ ජන හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ද වෙනත් පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද සහභාගීව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya