නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

    ජූනි 08, 2015

    මෙරටට පැමිණ සිටින පාකිස්තාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් රහීල් ශරීෆ් මහතා අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

     

    දෙරට අතර ජාතික සහ කලාපීය ආරක්ෂක කටයුතු වල දී පවත්වාගෙන යන සහයෝගීතාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

     

    මිත්‍ර රාජ්‍යයන් දෙකක් ලෙස ඉදිරියේ දීද දෙරටේ ආරක්ෂක කටයුතු වල දී සුහදත්වයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

     

    පාකිස්තාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් යූ.බී. බස්නායක, හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද මෙරටට පැමිණ සිටින පාකිස්තාන හමුදා නියෝජිත කණ්ඩායම ද සහභාගීව සිටියහ.

     

    SDF

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya