" බිලියන 7 ක ජනකායක් - එක මිහිමඩලක් - අරපරිස්සම් වෙමු " , තේමාව යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්රදර්ශනයක්ද ඊයේ ආරම්භ කෙරිනි.
උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමටද එක් වූ අතර සියලූම ප්‍රදර්ශන කුටි වෙත යමින් කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.
2015 ජගත් පරිසර දින සැමරුම සනිටුහන් කරමින් විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සමරු ශාකයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
පරිසරය පිළිබද ලියවුණු කෘති කිහිපයක්ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.
පරිසර නියමු සිසුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ පාසල් සිසුවෙක් විසින් ජංගම දුරකතනයෙන් ජනාධිපතිතුමාගේ ඡායාරූප ලබා ගත්තේය.
මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm