නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තුව ආශ්‍රිත නැවත පදිංචි කිරීම් වාර්තාව ජනපතිට පිළිගන්වයි

    ජූනි 06, 2015

    විවාදයට තුඩු දී ඇති විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් සැකසූ වාර්තාව ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කිසිදු පුද්ගලයෙකුට පරිසරයට හානි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

    මේ සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් තමා වාර්තා කැඳවා ඇති බවද පැවසූ ජනාධිපතිතුමා එම වාර්තා කඩිනමින් ලබාදීමට උපදෙස් දී ඇති බවත් ඒවා ලැබීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවත් කියා සිටියේය.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පරිසරවේදින්ද, ජාතික සංඝ සම්මේලනය, පිවිතුරු හෙටක්, සහ පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya