ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී ශෙරීන් පොලිනි මහත්මිය (Cherine Pollini) සහ නියෝජ්‍ය ප‍්‍රධානී ඉර්ෆාන් සුලෙජ්මානි මහතා (Irfan Sujmani) අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමු අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළහ.
ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමින් වත්මන් රජය රට තුළ ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා රතු කුරුස නිලධාරීන් දැනුවත් කළේය.
මානව හිමිකම් කාර්යසාධක බලකායක් පාර්ලිමේන්තුව හරහා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පැවසීය.
නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී සහ අතුරුදහන් වූවන් සම්බන්ධ කටයුතුවලදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඉටුකළ මානුෂිය කාර්යභාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
අපගේ ආරක්ෂක හමුදාවන් ඉදිරියේදී වැඩි වශයෙන් සාම සාධක කටයුතු සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී ඇති බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය පුහුණුවීම් සඳහා සහය වන ලෙස ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
NDH/priu