නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ මහා විසුද්ධාරාමයේ සංඝාවාසය සහ දාන ශාලාව සඟ සතු කෙරේ

    මැයි 28, 2015
    දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස ගොඩනැගිල්ල සහ දාන ශාලාව සඟ සතු කොට පූජා කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ පැවැත්විණි. 
     
    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය.
     
    අනතුරුව විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිමඩ ශාන්ත හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
     
    අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානීස්සර නායක හිමිපාණන් වහන්සේ, මියන්මාර් ජාතික ආචාර්ය පූජ්‍ය අසීන් ඤානීස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ගිහි පිරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya