නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යාපනයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසයි

    මැයි 26, 2015

    යාපනය ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ යාපනය වෙම්බඩි කාන්තා විද්‍යාලයේ දී උතුරු පළාතේ පාසල් දරුවන් සමඟ කෙටි හමුවකට එක් විය.

     

    පාසල් 17ක පමණ දරුවන් මීට එක්ව සිටි අතර ඔවුන් සමඟ සුහඳ කතාබහක නිරතු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීය.

     

    තම පාසල්වල පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳව මෙහිදී දරුවන් ජනාධිපතිතුමා දැනුවත් කළහ. යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ක්‍රීඩාංගණ ඉදිකිරීම, අචාර්යවරුන්ගේ හිඟය මෙන්ම විශේෂයෙන්ම වව්නියාව පාසල් දරුවන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටලුව පිළිබඳව ද ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.

     

    එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

     

    ලිඛිතව ගැටලු රැසක් ඉදිරිපත් කෙරුණු අතර ව්‍යාප්ත වෙමින් පවතින මත් උවදුර පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත කරණු ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya