නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ සිසුවිය ඝාතනයේ වරදකරුවන්ට විශේෂ අධිකරණයක් හරහා උපරිම දඩුවම් ලබා දෙනවා

    මැයි 26, 2015

    පසුගියදා යාපනය ප්‍රදේශයේ පාසල් දැරියක අපයෝජනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වරදකරුවන්ට විශේෂ අධිකරණයක් හරහා උපරිම දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

     

    එමෙන්ම මෙවැනි සිදුවීම් යළිත් කිසිඳු අවස්ථාවක රට තුළ ඇතිවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (26) පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරතවෙමින් උතුරු පළාතේ පාසල් දරුවන් සමඟ පැවති හමුවකට එක්වෙමිනි.


    අනතුරුව ජනාධිපතිතුමා යාපනය ආණ්ඩුකාර නිල නිවසේ දී, ඝාතනයට ලක් වූ දැරියගේ දෙමාපියන් හමු විය. ඔවුන්ගේ තොරතුරු විමසමින් අදාළ සිදුවීම පිළිබඳ තම බලවත් කණගාටුව ද ප්‍රකාශ කළේය.

     

    SDF

    jaffna pre1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya