නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ සහන කටයුතුවල නිරත වූ සහන කණ්ඩායම් ජනපතිගේ ඇගයුමට

    මැයි 19, 2015
    නේපාලයේ සහන කටයුතුවල නිරත වූ සහන කණ්ඩායම් ඇගයීම සහ ප්‍රසාද සහතික පත් පිරිනැමීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 
     
    ශ්‍රී ලංකා සහන කණ්ඩායමේ නායකත්වය දැරු මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා ඇතුළු නිලධාරිහු මෙහිදී ජනාධිපතිතුමා අතින් ප්‍රසාද සහතික පත් ලබා ගත් අතර ත්‍රිවිධ හමුදාපතිවරු වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරු ඇතුළු පිරිසක් ද ඇගයීමට ලක් වූ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥතින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya