මෙමඟින් කලාවේ සහ සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් රජය විසින් සිදු කළ යුතු මැදිහත්වීම් පිළිබඳ මූලික තේමාවන් නවයක් ඔස්සේ කරුණු ඉදිපත් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ නව රජය යටතේ ගොඩනගමින් සිටින නව දේශපාලන සංස්කෘතියේ සාර්ථක ප‍්‍රතිඵල ළඟා කර ගැනීමේ අරමුණේ දී පුරවැසියන් තුළ ආධ්‍යාත්මික සහ සදාචාර දියුණුව ඇති කිරීමේ ප‍්‍රමුඛ වගකීමක් කලාවට සහ සාහිත්‍යයට පැවරෙන බවයි. ඒ සඳහා මෙවැනි ජාතික වැඩපිළිවළක් මඟින් විශාල දායකත්වයක් හිමි වන බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
ජනාධිපතිතුමා අවධාරණය කළේ, පසුගිය පාලන සමයේ දී වාර්ගික, භාෂාමය, සංස්කෘතික හෝ වෙනත් පදනමක් තුළ කලාකරුවන් බෙදී සිටීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ කලාවේ පොදු යහපත වෙනුවෙන් වෙන්විය යුතු වරප‍්‍රසාද සීමිත පිරිසක් අතරේ බෙදී යාම බවයි. බෙදීම් තුළ පිහිටා කටයුතු කිරීමෙන් කලාවට හෝ සංස්කෘතියට කිසිදු සාධනීය මෙහෙවරක් ඉටුනොවූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
මෙම ධවල පත‍්‍රිකාව ක‍්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් දෙන ලදී.
ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ මෙහිදී රජය, රාජ්‍ය ආයතන හා ජනමාධ්‍ය මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික සහ කලා යන විෂයමූලික ආයතන ද අන්‍යොන්‍ය අසහයෝගයෙන් ද මනා සන්නිවේදනයකින් ද කටයුතු කරන පසුබිමක් නිර්මාණය කළ යුතු බවයි.
මෙම අවස්ථාවට මහාචාර්ය මවුලගුරු, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරාක‍්‍රම නිරිඇල්ල, ජයසුමන දිසානායක, රුවන්ති චිගේරා, එම්. සෆීර්, සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති සහ සංස්කෘතික අධ්‍යක්ෂ විජිත් කණුගල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
NDH/priu