නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙනෙහි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව ඇරඹේ

    මැයි 16, 2015

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2559 ක් සපිරෙන වෙසක් මස අනන්ත බුදුගුණ සිහිකරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ කේෂ ධාතූන් වහන්සේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ වන්දනාමානය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඓතිහාසික කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රදර්ශණ පීඨිකාවේ තැන්පත් කිරීම අද (16) පෙරවරුවේ සිදුකෙරිණි.

    කේෂ ධාතූන් වහන්සේ රැගත් පෙරහැර පැරකුම්බා පිරිවෙන් විහාර පරිශ්‍රයට පැමිණෙන් අනතුරුව ජනාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රදර්ශණ පීඨිකාවේ තැන්පත් කිරීම සිදුවිණි.

     

    අනතුරුව ඊට පූජෝපහාර දැක්වූ ජනාධිපතිතුමා ඒ අභියස පැවති ආගමික වතාවත්වලටද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේ ය.

    අනතුරුව විහාරාධිපති පූජ්‍ය මාදිවෙල චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ සහ එම විහාරස්ථානයේ පරිවේණාධිපති පූජ්‍ය තලගල විමල හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා උන්වහන්සේලාට පිරිකර පූජා කළේය.

     

    බංග්ලාදේශයේ චිතගොං බෞද්ධ විහාරස්ථානයේ සිට ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි මල්වතු - අස්ගිරි මහ නා හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ කේෂ ධාතුන් වහන්සේ අද සහ හෙට (17) දෙදින තුළ මෙම පුණ්‍යභූමියේදී මහජනතාවට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැළසෙයි.

     

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් වන කරූ ජයසූරිය, රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya