එහිදී ජනාධිපතිතුමා විසින් බලශක්ති සංරක්ෂණ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධාවන තරගය ආරම්භ කෙරිනි.
පසුව අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන පණිවිඩය රැගත් පාගමන ආරම්භ වූ අතර ජනාධිපතිතුමා ඊට ද සහභාගි විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරිහුද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පන්දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියහ.
kpm