නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ධුරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ හැකියාව ඇත්තේ ජනතාවට

    මැයි 15, 2015
    අප රටේ අද තිබෙන දේශපාලන ක‍්‍රමය තුළ අගමැති ධුරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ හැකියාව තිබෙන්නේ ජනතාවට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ඡන්දදායකයන්ට තමන් කැමති පක්ෂයකට ඡන්දය ලබා දීමට අවස්ථාව උදා වන බව පැවසූ ජනාධිපතිතුමා ජයග‍්‍රහණය කළ පක්ෂය තුළන් අගමැතිවරයා කවුද යන්න තීන්දු වනු ඇති බව සඳහන් කළේය. 
     
    බණ්ඩාරගම මෛති‍්‍ර ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ති‍්‍රක් සම්මේලයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
     
    මැතිවරණ පැමිණෙන තුරු බලා නොසිට ගමේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බලා ඒවා ඉටුකිරීමට කැපවන ලෙස ජනාධිපතිතුමා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. 
     
    පක්ෂ බේද, ජාති, ආගම්, කුල බේද නොසලකා සියලු දෙනා ඒකරාශි කරගනිමින් සියලු ජන කොටස්වල ආකර්ශණීය පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. 
     
    පක්ෂය තුළ කෙරෙන සාකච්ඡාවලදී වැදගත් වන්නේ කොන්දේසි නොව සියලුදෙනා එක්ව වැඩකිරිමේ ක‍්‍රමවේදයක් බව ද පැවසූ ජනාධිපතිතුමා එක් සීමාවක සිට සාකච්ඡා පැවැත්වීම තුළින් රටටත්, ජනතාවටත් යහපතක් උදා කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
     
    විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල ඉවත් කිරීමට දායක වූවා සේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ශක්තිමත් කිරීමට ද සියලු දෙනා කැපවිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ආණ්ඩු බලය තිබියදී මෙන්ම ආණ්ඩු බලය නොමැති අවස්ථාවලද පක්ෂයේ තනතුරුවල තිබෙන බලතල ශක්තිමත් විය යුතු බවත් පක්ෂය සැමදා ශක්තිමත්ව ගොඩනගා ගත හැක්කේ එවිට බවත් ප‍්‍රකාශ කළේය. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya