ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක පදවියට අභිනවයෙන් පත්වූ ගලගම ශ්‍රී අත්ථදස්සාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පත්වීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය ඇසළ මස 06 දින පස්වරු 3.00ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්වෙයි. මහනායක පදවියට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය මෙහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහනායක හිමියන් වෙත පිළිගන්වනු ලබයි.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවිය වසර 16ක් හෙබ වූ ගලගම අත්ථදස්සී මහනාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ හිටපු මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ඉකුත් 08දා විංසත් වර්ගික කාරක සංඝ සභාවේ පූර්ණ එකඟත්වයෙන් එම පාර්ශ්වයේ 21 වන මහනායකයෝ ලෙස පත් වූහ.
SDF