නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අභිනව අස්ගිරි මහ නාහිමියන් බැහැදකි

    මැයි 14, 2015
    සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක පදවියට පත් ගලගම ශ්‍රි අත්තදස්සි මහ නා හිමියන් බැහැ දැකිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (14) දහවල් අස්ගිරි මහා විහාරයට ගියේය.
     
    අස්ගිරි මහා නා හිමියන්ට අට පිරිකර ප්‍රජා කිරිමෙන් අනතුරුව ජනපතිතුමන් සහ මහ නාහිමියන් කෙටි පිළිසදරක නිරත විය.
     
    එහිදි රජයේ වැඩපිළිවෙළ දෙස තමන් වහන්සේ ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් පැමිණෙන අභියෝගවලදි නොසැලි රටත් ජනතාවත් වෙනුවෙන් කැපවී සිටිම මහත් ආදර්ශයක් බවත්  එම වැඩපිළිවෙළට තුණුරුවන්ගේ ආශිරිවාදය නිරතුරුව ලැබෙන බවත් පැවසු මහනාහිමියෝ අනතුරුව  ජනාධිපතිතුමන් වෙත සෙත් පිරිත් සඡ්ඣායනා කර ආශිර්වාද පළ කළහ.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරු ද එක්ව සිටියහ.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya