නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනඥයන් පිටුපස නොයන යුගයක් උදා කිරීම තම අරමුණයි - ජනපති

    මැයි 14, 2015
    සෑම අංශයක් ම දේශපාලනය මත රඳා නොපවතින ස්වාධීනව ක‍්‍රියාත්මක වන අංශයන් බවට පත්වන යුගයක් උදා කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජීය සහ යටිතල පහසුකම් වැනි බොහෝ අවශ්‍යතාවන්වලදී දේශපාලනඥයන් පිටුපස ගොස් එම අවශ්‍යතා ඉටු කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වන විට ගොඩනැගී තිබෙනු දක්නට ඇති බව ද නව රජයේ අරමුණ වන්නේ මෙම සෑම අවශ්‍යතාවක් වෙනුවෙන් ම නිසි විසඳුම් ලබාදීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ගොඩනැගීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
     
    මුදල්, සම්පත් සහ වෙනත් පහසුකම් අවශ්‍යතාව පරිදි බෙදී යා යුතු බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේ ය.
     
    ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ‘අලුත් පරපුර’ සංවිධානය සමඟ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
     
    මේ අතර, මින් පෙර ක‍්‍රියාත්මක වෙමින් තිබී පසුගිය පාලන සමයේ දී නවතා දැමූ කලාකරුවන් සහ වෘත්තිකයන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවළ යළි ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
     
    ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ කලාව සහ සාහිත්‍ය ක්ෂේත‍්‍රයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු වී බවයි.
     
    එසේ ම, කලාකරුවන්ගේ වෘත්තීය වටිනාකම් සහ ජීවන තත්ත්වයන් උසස් කිරීම කෙරෙහි ද අවශ්‍ය පියවර ගැනීමට නව රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ය.
     
    නව රජයක් ලෙස මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ දී ඔවුන් සතුව ඇති යෝජනා සහ අදහස් තමා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමන් මෙහිදී කලාකරුවන්ට ආරාධනා කළේ ය.
     
    එහිදී ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ රටේ අනාගතයට අවශ්‍ය වන්නේ අලුතින් සිතන නිදහස් මතධාරී පිරිසක් බවයි.
     
    මෙම අවස්ථාවට ලක්ෂ්මන් විජේසේකර, මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස, සමනලී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya