සිවලිංගම් සතිෂ් කුමාර් මහතා විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන්ගෙන් රචනා කරන ලද ග්රන්ථ කිහිපයක් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. දියවන්නාවේ දැවැන්තයෝ, ඉන්දියානු සම්භාවයක් සමග වතුකරයේ ජනතාවගේ දේශපාලන, ආර්ථීක හා සමාජයීය විග්‍රහය ඇතුලු ග්රන්ථ කිහිපයක් මීට ඇතුළත්ය. මහාචාර්ය එස්. චන්ද්‍රසේකරම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය