නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉන්දීය ධීවර සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් හමු වෙයි

    මැයි 13, 2015
    ඉන්දීය ධීවර සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 
     
    ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලු ව පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූහ. 
     
    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට හැකියාව ඇති බවයි.
     
    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක සිට පවතින අතීත මිත්‍ර සබඳතාවලට මේ හේතුවෙන් කිසිදු පළුදුවීමක් ඇතිවීමට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    දෙරටට ම අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් ගැටලු ව විසදාගතයුතු බව පැවසූ ජනාධිපතිතුමා දෙරටේ නිලධාරින් අතර පවත්වන සාකච්ඡා අඛණ්ඩ ව ඉදිරියට කරගෙන යාමට තමා උපදෙස් ලබාදී ඇති බවත් දෙරටේ ම ධීවර සංගම්වල සහාය ද ඊට අපේක්ෂා කරන බවත් පැවසීය.
     
    අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. 
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya