ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ අපේ ගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමිනි.
මේ රටේ දෙකෝටියකට ආසන්න සියලු ජනතාව පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතු බව මෙහිදී පැවැසූ ජනාධිපතිතුමා කුමන භාෂාවක් කථා කළත්, කුමන ආගමක් ඇදහුවත් රටේ සියලු ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
රටේ ජන කොටස් අතර සහෝදරත්වය ගොඩනැඟීමට තිබෙන බාධාවන් ඉවත් කිරීම අද දවසේ සියලු දේශපාලන පක්ෂ වෙත පැවරී ඇති ප්රමුඛ වගකීමක් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
රටටත්, ජනතාවටත් සේවය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් ලෙස සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉදිරි මහ මැතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රටත්, ජනතාවත් වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට කැපවෙමු යැයි ද ඇරයුම් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරු ද, පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.
DB