අග්‍රාමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවුඩය,
“දේශයත්, සම්බුදු සසුනත් නිවැරදි මඟ ගන්වනු සඳහා අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් අස්ගිරි මහා පාර්ශවය අතීතයේ සිටම ඉටුකළේ සුවිසල් මෙහෙවරකි. සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ නව නියමුවාණන් ලෙස ගලගම අත්ථදස්සී මහනායක ස්වාමින් වහන්සේ ඒකච්ඡන්දයෙන් තේරී පත්වීම එම මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා මහත් ආශිර්වාදයක් වනු ඇති බව මගේ විශ්වාසයයි.
බුද්ධ ධර්මයේ සැබෑ හරය, ගැඹුර යටපත් කරලමින්, අවිද්‍යාවටත් මෝහාන්ධකාරයටත් ඇදී යන්නාවූ වර්තමාන සමාජයට අර්ථ ධර්ම අනුශාසකත්වයෙන්, මඟපෙන්වීමෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකිරීමේ භාරදූර වගකීම උන්වහන්සේ ඉදිරියේ ඇත.
සුළුතර පිරිසකගේ අන්තවාදී මතවාද, අදූරදර්ශි ක්‍රියා පිළිවෙත් නිසා සංඝ සමාජය තුළ මතු වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමටත්, භික්ෂුත්වයේ ගෞරවණීය යහපැවැත්ම තහවුරු කිරීමටත් මහා නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීම ඉතාම වැදගත් ය.
බහු ආගමික, බහු ජාතික සංස්කෘතියකින් හෙබි ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික සමගියට බුදු දහමේ මෛත්‍රීපූර්වක චින්තනයෙන් නිසි මඟ පෙන්වා දෙමින්, ජනතා සිත්සතන්හි මනුෂ්‍යත්වය ගොඩනැංවීම සඳහා අත්ථදස්සී ස්වාමින් වහන්සේ කැප වී කටයුතු කරනු ඇති බව නිසැක ය.
නව සමාජ දේශපාලන සංස්කෘතියක් තුළ යුක්තිය - සාධාරණත්වය - මනුෂ්‍යත්වය දිනවීම වෙනුවෙන් නොනිම් අරගලයක් දියත් කර ඇති මෙවන් සමයක අස්ගිරි මහා පාර්ශවයේ අභිනව මහා නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා අපි දු මහත් ගෞරවයෙන් අපේක්ෂා කරමු.
තම ශක්ති ප්‍රමාණයනේ බුද්ධ ශාසනයේ සහ සංඝ සමාජයේ චිරස්ථිතිය උදෙසා ද, සමාජයීය අවශ්‍යතා උදෙසා ද කැපවී කටයුතු කරන අපේක්ෂාවෙන් පසුවන අස්ගිරි මහා පාර්ශවයේ 21 වන මහ නායක ස්වාමින් වහන්සේ වන අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නායක ස්වාමින් වහන්සේට සුභාශිංසන පිරිනමමින්, නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි.“
SDF