''ශ්‍රම බලයට කොළ එළියක්'' නමින් අද (01) එකසත් ජාතික පක්ෂයේ මැයි රැළිය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.
අද මේ මැයි දිනය එක්සත් ජාතික පක්ෂය බලය පෙන්නුවා. රටේ බලය පෙන්නුවා. 77 මැයි දිනයට වඩා මැයි දිනයක් පෙන්නුවා. ඒ සඳහා පැමිණි
සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
අපි ආණ්ඩුවෙන් මොකුත් ගත්තේ නෑ. ඔක්කොට ගෙවුවා. සැමට එක සමානව තිබුණා. මෙතන බලය පෙන්නුවේ එජාප හා වෘත්තීය සමිති. අපි
ඉන්නේ අලුත් යුගයක, අලුත් ආණ්ඩුවක. ජනාධිපති ශ්‍රී ල.නි.ප. නායකයා. මම එක්සත් ජාතික පක්ෂය නායකය.
මහින්ද රාජපක්ෂ පරාජය කළා. මම කිව්වා 2015 එ.ජා.ප.ය පාලනයට එනවා කිවුවා. අපි දැනට දින 100ක තුන් බිය නැති කළා. සිතේ බිය නැති කළා
.අද හිතේ බය නෑ. අපිට බඩේ බය තිබුණා. ජීවන බරට යටවෙයි ද සිතුවා. රටේ බයක් තිබුණා. එය නැති කළා. මේ රට නැතිවෙයි ද ලෝකය පිළිගනියි
ද කියලා. බොහෝ අය හිතුවා අපි අසාර්ථක වෙයි කියාලා. අපි බඩු මිළ අඩු කළා. තෙල් මිල අඩු කළා. තරුණයන්ට නොමිලේ වයි -ෆයි දුන්නා.
ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල දුන්නා, රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළා.
තේ වලට රබර් වලට සහනාධාර දුන්නා, රුපියල් මිලියන 12,000ක් දුන්නා ඒ සඳහා. දින 100 වැඩසටහනේ 19 සංශෝධනය කර ගත්තා. එය අපි
කළා. අපි බදාදා තවත් තීරණයක් ගත්තා. පුද්ගලික අංශයේ පඬි වැඩි කරගන්න.පෞද්ගලික අංශය මාසික අවම වැටුප් වැඩිවීම රුපියල් 10,000කින්
වැඩි කිරීමට.
මේ වෙනස කරන්නට උදව් කළ එක්සත් ජාතික පක්ෂයේ සැමට ස්තූතියි. ඔබයි බදුල්ලේ වෙනස කළේ. බර ඇද්දේ ඔබයි. දැන් ඔබව බලා ගන්න
කාලය ඇවිත්. දේශාපලන පක්ෂ සිවිල් සංවිධාන ගණනාවක්, ගරුතර සංඝරත්නය එකට වැඩකළා, මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්නට.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට, හිටපු ජනාධිපතිතුමියට අපි ස්තූතිවන්ත වෙනවා. බර ඇද්දේ එක්සත් ජාතික පක්ෂයයි. මෙය
ආරම්භය විතරයි.අපි කෙටි කාලින සහන පමණයි දුන්නේ. ඒ සඳහා සුළුතර ආණ්ඩුව, බහුතර ආණ්ඩුවක් බවට පත් කරමු. මුළු පාර්ලිමේන්තුවම
ආණ්ඩුවක් කරමු. ඒ සඳහා එජාපයට බහුතරය ගමු.
කාටද පුළුවන් ජාත්‍යන්තරය කතා කරන්න. කවුද හොරකම් කරන්නේ නැතිව ආණ්ඩු කරන්නේ. අලුත් පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න, එජාපයට
බහුතරය අරන් දෙන්න. ඊළඟ අවුරුදු පහේ රැකියා ලක්ෂ 10ක්. එජාප සියලු දෙනා ගම්වලට යන්න, සැම දෙනාම වැඩ කරන්න, මම ඔබට ස්ථීර
අනාගතයක් ලබාදෙනවා. පාර්ලිමේන්තු ඡන්දයට හැමටම කත කරන්න. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරලා, ඊළඟ අවුරුදු පහේ පැය විසි හතරක්
සතියට දින හතක් අවුරුද්දට දින 365ක් ජනතාව වෙනුවෙන් වැඩ කරලා, කැපවෙලා ඔබේ ප්‍රශ්න විසඳනවා යැයි අග්‍රාමාත්‍යවරයා පමිණ සිටි
අතිවිශාල ජනකාය අමතමින් ප්‍රකාශ කළේ ය.
PR