අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (09) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. NDH/pix by Nishanka de Silva-pmu