අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව එතුමා අලුත් සහල් මංගල්‍යයට එක්විය.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබුණි.
වස විසි නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි.
එම සහල් නිපැයීමට බිත්තර වී පළාත් නවයේම ගොවීන් වෙත ඛෙදාදෙන ලද්දේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි.
රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවින් රැසක් එක්ව සිටි අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලූත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රානි බන්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් ද මීට එක්ව සිටියහ.
SDF