මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කාල්ටන් සුව උදාන" 22වැනි වැඩසටහන ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    මාර්තු 24, 2014

    දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාවට සුව සෙත සළසන "කාල්ටන් සුව උදාන" සෞඛ්‍ය පෝෂණ සමාජ සත්කාරක හා සමාජ සුබසාධන වැඩසටහනේ 22වැනි වැඩසටහන ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වනේ ඊයේ (24) හම්බන්තොට බෙලිගල්ල රත්නායක වැඩිහිටි නිවාසයේ දී පැවැත්විණි.



    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මැතිණියගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක "කාල්ටන් සුව උදාන" වැඩසටහන කාන්තාවන්ගේ හා ළමුන්ගේ සෞඛ්‍ය හා පෝෂණය ඉහළ නැංවීමත් අඩුආදායම්ලාභී පවුල් නඟාසිටුවීමත් පෙරදැරි කරගෙන ක්‍රියාංවට නංවා තිබේ.

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කන්ඩායමක් විසින් සායනය පැවැත්වූ අතර වැඩිහිටියන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම පිළිබඳවත් ඒ තුළින් යහපත් මානසිකත්වයක් ලබාදීම සඳහාත් එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

    වැඩිහිටි නිවාසය වෙත පැමිණි ජනාධිපති ආර්යාව මව් පියවරුන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර වෛද්‍ය සායනය අතරතුර ඔවුන්ගේ සුවදුක් විමසීමටද ජනාධිපති ආර්යාව අමතක නොකළාය.

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආදරණීය මෑණියන් වන වයලට් වික්‍රමසිංහ මාතාවගේ 4වන ගුණ අනුස්මරණ දානමය පිංකම ද එහිදී පැවැත්විණි.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya