මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ඉඩම් නිදහස් කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 23, 2015
    උතුරු ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් නැවත එහි මුල් පදංචිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් නිදහස් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී පැවැත්විණි.
     
    ජනාධිපතිතුමා අතින් මෙහිදී සංකේතාත්මකව ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරු වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, පී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පළිහක්කාර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya