මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරෝදාර රණ විරුවෙකුට සමස්ත රට වැසියාගේම කෘතවේදීත්වය

    මාර්තු 23, 2015
    රට බේරාගැනීමට අපරිමිත කැපකිරීම් කළ වීරෝදාර රණ විරුවෙකුට සමස්ත රට වැසියාගේම කෘතවේදීත්වය පළ කිරීමට ලැබීම පිළිබඳ තමා ඉතා සතුටු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 
     
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීම වෙනුවෙන් කොළඹ ආරක්ෂක මූලස්ථාන පරිශ‍්‍රයේ පැවති උත්සවයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
     
    මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා, නිදහස් ශී‍්‍ර ලංකා භූමියේ යහ පාලනය ඇති කරලීමට තැබූ පියවරේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සාධාරණයක් ඉටුකිරීමට ලැබීම සමස්ත හමුදා සේවය වෙනුවෙන් ම රජය දැරූ වගකීමක් බව ද ප‍්‍රකාශ කළේය.
     
    දෙදහස් පන්සියකට වඩා වැඩි සාඩම්බර ඉතිහාසයක් උරුම කොට ගත් අප ජාතිය ඉතිහාසයේ බොහෝ ආක‍්‍රමිකයන්ට එරෙහි ව ජයග‍්‍රහණයන් හිමි කරගත්තේ ය. වරෙක විදෙස් ආක‍්‍රමණයන්ගෙන් ද වරෙක රට අභ්‍යන්තරයේ වූ ගැටුම් ද ඒ අතර වෙයි. මෙම සියලු අවස්ථාවල අපේ රටේ ජනතාව තමන් සතු දේශහිතෛෂි බවත් නිර්භිත බවත් ලොවට ප‍්‍රදර්ශනය කළහ.
     
    වසර තිහක් පුරා අප රට වෙලාගත් ත‍්‍රස්තවාදය මෑත යුගයේ ජාතිය හමුවේ වූ දැවැන්තම අභියෝගය වූ බව පැවසූ ජනාධිපතිතුමා රට ආර්ථික, සමාජීය, දේශපාලනිකව අරාජිකත්වට පත් කරලීමට සේම ජාතියට තවත් බොහෝ දෑ අහිමි කරමින් පැවති ත‍්‍රස්තවාදය ජාතියේ ගමන්මග අවහිර කළ බව ද පැවසීය. ඊට එරෙහි ව කි‍්‍රයාත්මක කළ මානුෂික මෙහෙයුමේදී යුද හමුදාවට අතිවිශිෂ්ට නායකත්වයක් දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ අභීත මෙහෙවර අප ජාතිය හමුවේ සදා සිහිපත් කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    කෙඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ සරත් ෆොන්සේකා මහතා වසර තිස් නවයකට අධික සිය හමුදා සේවා කාලයේදී වගකීම් රැසක් ඉසිලීය. එහි වූ නිර්භීත බවත්, ඍජු බවත් නිසාම ශී‍්‍ර ලංකා යුද හමුදාවේ හමුදාපති ධූරයේ අසුන ද ඔහුට හිමි විය. අධිෂ්ඨානය, කැපවීම, හමුදා විනය සේම දේශහිතෛෂිභාවය ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හමුදා සේවයේ කැපී පෙනෙන ගුණාංගයන්ය.
     
    එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප‍්‍රහාරයෙන් තුවාල ලබා පූර්ණ සුවය ලැබීමටත් පෙර පැමිණ හමුදාවට නායකත්වය ලබාදීමට කටයුතු කිරීම සැබෑ සෙන්පතියෙකු සතු උත්තරීතර ගුණාංගයක් ජාතිය හමුවේ ප‍්‍රදර්ශනය කළ අවස්ථාවකි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya