මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ප්‍රධානත්වයෙන් මහියංගන පුද බිමේ දී විශේෂ ආශිර්වාද පූජාවක්

    මාර්තු 23, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, නව රජයට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා විශේෂ ආශිර්වාද පූජාවක් පසුගිය සෙනසුරාදා (21) පස්වරුවේ ඓතිහාසික මහියංගන පුද බිමේදි පැවැත්විණි.

    මෙම ආගමික වතාවත් සදහා සහභාගී වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ආශිර්වාද ලබා ගත්තේය. පස්වරුවේ ඓතිහාසික මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    ඉන් අනතුරුව විශේෂ ආශිර්වාද පූජාවට එක් විය. මහා සංඝරත්නය විසින් එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද පළ කළහ.

     

    එමෙන්ම මහියංගන රජ මහා විහාරයේ භාරකාර අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහ්නසේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේට පිරිකර පූජා කළේය.

     

    අමාත්‍ය කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya