මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුද බිමේ ආගමික වතාවත්වල

    මාර්තු 23, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) උදෑසන ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

     

    පළමුව කිරිවෙහෙර සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.

     

    අනතුරුව කිරි වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා උන්වහන්සේට අට පිරි කර පූජා කළේය. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

     

    අනතුරුව මහ දේවාලයට සහ සතර මහා දේවාල වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති ආශිර්වාද පූජාවන්ට එක් විය. එමෙන්ම අභිනවාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා උන්වහන්සේට ද  පිරිකර පූජා කළේය.

     

    උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී ද සෙත් පිරිත් සජ්ජායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කරූ ජයසූරිය, සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

     

    katharagama.jpg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya