මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ලයිට් සූර්ය යාත‍්‍රා වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

    මාර්තු 22, 2015

    විවිධ ක්ෂේත‍්‍රයන් තුළ රටට දැයට වැඩදායී යහපත් කි‍්‍රයාවන් සඳහා දායකත්වය ලබාදුන් පිරිස් ඇගයීමට ලක් කෙරෙන සන්ලයිට් සූර්ය යාත‍්‍රා වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පොලොන්නරුව තෝපාවැව විද්‍යාලයේදී පැවැත්විණි.

    පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ විවිධ ක්ෂේත‍්‍රයන් තුළ රටට දැයට වැඩදායි මෙහෙවරක් ඉටු කළ පුද්ගලයින්ට උපහාර පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම රජ රට ප‍්‍රදේශයේ දැඩිව පවතින වකුගඩු රෝගය වැළැක්වීම සඳහා ජල පිරිපහදු යන්ත‍්‍ර මෙන්ම ශරීර සුවතා උපකරණ, අධ්‍යාපන උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් එම ප‍්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම ද මෙහිදි සිදු විය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද, අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya