මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට ලබාදෙන සියලු දෑ ඔවුන් අතට පත් කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමක් - ජනපති

    මාර්තු 22, 2015

    දේශපාලන නායකත්වය සහ රජයක් ලෙස ජනතාවට පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කරන සියලු වැඩසටහන් ප‍්‍රායෝගික අන්දමින් කි‍්‍රයාවට නංවා එම පහසුකම් නිසි ලෙස ජනතාව අතට පත්කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    රජය ලබාදෙන එම පහසුකම් කලට වේලාවට ලබාදීම මෙන්ම නිසි ප‍්‍රමිතියකින් යුතුව ඒවා ජනතාව අතට පත් කිරීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ගර්භනී මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමේ උත්තම පූජා වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ‘අඩු බර දරු උපත් ශී‍්‍ර ලංකාවෙන් තුරන් කරමු‘ යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර ඉදිරියේ දී ජාතික වැඩසටහනක් ලෙස එය දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.

    ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම් ලාභී ජනතාව නඟා සිටුවීම සඳහා රජයක් ලෙස ඉටුකළයුතු සෑම කාර්යයක් ම ඉටු කිරීමට ප‍්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.

    දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය උසස් කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ තුළින් මෙන්ම දින සියයේ වැඩපිළිවෙළ තුළින්ද ඒ සඳහා ප‍්‍රතිඥා ලබා දී ඇති බව කියා සිටියේය.

    සමාජයේ යහපත් පැවැත්ම සඳහා අඩිතාලම තිබෙන්නේ මාතෘත්වය තුළ බවද පෙන්වාදුන් ජනාධිපතිතුමා මව්වරුන් වෙනුවෙන් ඉටුකළයුතු සෑම වගකීමක්ම ඉටු කිරීමට මෙන්ම ඔවුන්ට ලබාදිය යුතු නිසි ගරුත්වය ලබාදිමට රජය කැපවී සිටින බවද ප‍්‍රකාශ කළේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya